Archive for the ‘විනෝදාත්මක’ Category

උඩට යමු – ඩිස්නි සහ පික්සාර් වෙතින් අප්

තාක්ෂණික දේවල් වලින් ඈත් වෙලා විනෝදයට බර දෙයක් ගැන තමා අද ලියන්නෙ. ඒ අද (මැයි 29) නිකුත් වන ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන අප් (UP) ගැන. මේ චිත්‍රපටය ගැන ‍දැනටමත් ඔබ දන්නවා ඇති. නමුත් බොහෝ දෙනා ඒ ගැන කතා වන නිසා සටහනක් තියන්න හිතුනා.

Disney-Pixar-Up

මෙම කතාව ඇදී යන්නෙ කාල් ෆෙඩ්රික්සන් නම් වූ හැත්තෑ අට වියැති බැලුම් වෙළෙන්දෙකු හා රසල් නම් වූ අට හැවිරිදි දඟකාර කොලු ගැටයකු අතරයි. කාල් බැලුම් දහස් ගණනක් උපයෝගී කර ගෙන තම නිවෙස ගුවනේ පාවීමට සලස්වයි. නිවසත් සමඟ උඩු ගුවනට නගින ඔහු එහි සටින රසල් දැකීමෙන් පුදුමයට පත් වෙයි. දෙදෙනා එක්ව දකුණු අමෙරිකාව පුරා යන චාරිකාවේ අපූරු අත්දැකීම් අප් ඔබට ගෙන එයි.

මෙම චිත්‍රපටයක් සුප්‍රසිද්ධ ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් වන අතර ත්‍රිමාණ සජීවීකරණය කවදත් අපව පුදුමයට පත් කරන සම්මානනීය පික්සාර් සමාගම වෙතිනි. මෙම දැවැන්ත නිර්මාණය ගැන අදහස් දක්වන පික්සාර් සමාගම පවසන්නේ ඔවුනට තිබූ විශාලතම අභියෝගය දස දහසකට ආසන්න බැලුම් සමූහය සජීවීකරණය බවයි.

ඉතින් ඔබටත් මටත් නුදුරේදීම මෙම අපූරු අත්දැකීම ලබා ගන්නට හැකි වේයැයි මා විශ්වාස කරනවා.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න