ඔ‍බේ ජීමේල් ගිණුම රැකගන්න

පසු ගිය දිනෙක ට්විටර්හි වටිනා තොරතුරු රැසක් අපහාරකයකු (Hacker) විසින් සොරා ගෙන තිබෙනවා. ඒ ට්විටර් සේවකයකුගේ ජීමේල් ගිණුම තමා සතු කර ගනිමින්, ඒ හරහා ට්විටර් සේවාවට අයත් ගූගුල් ලිපි වැනි නොයෙකුත් සේවාවන්හි ගබඩා කර තිබූ තොරතුරු හා සම්බන්ධ වෙමින්. මෙම අපහාරණය (Hacking) සිදු කොට ඇත්තේ එම සේවකායාගේ ජීමේල් ගිණුමේ මුරපදය නැවත ලබා ගැනීමේ (Password recovery) සේවාව භාවිතා කරමින්. මෙම ජීමේල් ගිණුමේ නැවත ලබා ගත් මුරපදය ලැබෙන්නට සලස්වා ඇත්තේ නිෂ්ක්‍රීය (Deactivated) වූ හොට්මේල් ගිණුමකටයි. මෙම හොට්මේල් ගිණුමේ තොරතුරු සොයාගත් මෙම අපහාරකයා එය නැවත සක්‍රිය කර ජීමේල් ගිණුමේ සම්පූර්ණ පාලනය තමා සතු කර ගෙන තිබෙනවා.

Gmail-security

අපහාරණය සියයට සියයක් නැවැත්විය නොහැකි වුවත් අප වඩාත් ආරක්ෂාකාරී විය යුතු වනවා. පහත දැක්වෙන්නේ ජීමේල් ගිණුමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මා දැනගත් අප හිතට ගතයුතු වැදගත් කරුණු කිහිපයක්.

ශක්තිමත් මුරපදයක් භාවිතා කිරීම (Strong Password)
මෙය නැවතත් මතක් කිරීම සුදුසුයයි සිතුණා, ජීමේල් මුරපදය පමණක් නොව අන් කවර මුරපදයකට වුව මෙය වලංගුයි. ශක්තිමත් මුරපදයකට පදනම වන්නේ එදිනෙදා සාමාන්‍යයන් නිතර භාවිතා වන වචන යොදා නොගැනීමයි. අවම වශයෙන් අනුලකුණු (characters) 10ක් වත් තිබිය යුතු බවයි මගේ හැඟීම. ත‍වද මුරපදයකට අකුරු, සංඛ්‍යාත ස‍හ සංකේත (letters, numbers and symbols) යන තුන්වර්ගයේම අනුලකුණු ඇතුලත් කිරීම වඩා සුදුසුයි (උදා: jan587my100%).

ජීමේල් ගිණුමේ දෙවන විද්‍යුත් තැපෑල ලිපිනය (Alternate e-mail address) සක්‍රිය සහ ආරක්ෂාකාරී එකක් වීම
ඔබේ ජීමේල් ගිණුමේ දෙවන විද්‍යුත් තැපෑල ලිපිනය සඳහා ලබා දී ඇත ලිපිනය ඉතා වැදගත්, නැවත ලබා ගත් මුරපදය ඔබ විද්‍යුත් තැපෑල හරහා ලබා ගතහොත් එය ලැබෙන්නේ මෙම ලිපිනයටයි. ඒ නිසා ඒ සඳහා ආරක්ෂාකාරී මෙන්ම භාවිතයේ ඇති ලිපිනයක් ලබා දිය යුතු අතර එම ලිපිනය සහිත ගිණුම නිතර පරිහරණය කිරීමටද ඔබ වග බලා ගත යුතුයි.

එස්. එම්. එස්. මගින් මුරපදය නැවත ලබාගැනීම සක්‍රිය කිරීම
මෙම ක්‍රමය ජීමේල් සඳහා මෑතකදී හඳුන්වා දුන්නක්. නමුත් මෙය වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. ඒ ඔබේ ජංගම දුරකථනයටම මුරපදය ගෙන්වා ගැනීමට හැකිවීමත් එය අනෙකෙකු භාවිතා කිරීමේ අවස්ථා අඩු වීමත් නිසාය.

ආරක්ෂක ප්‍රශ්ණය (Security Question) හරහා මුරපදය නැවත ලබාගැනීම
එතරම්ම ආරක්ෂාකාරී නොවූවත් නිවැරදි ව භාවිතා කිරීමෙන් යම් ප්‍රතිඵල ලබා ගත හැකි ක්‍රමයක්. මෙහිදී ජීමේල් මගින් ලබා දෙන සාමාන්‍ය ආරක්ෂක ප්‍රශ්ණ වෙනුවට තමාගේම ආරක්ෂක ප්‍රශ්ණයක් සහ පිළිතුරක් ලබා දීමෙන් ද ඔබේ ජීමේල් ගිණුමේ ආරක්ෂාව දියුණු කළ හැක.

Gmail-password

මෙම වෙනස්නම් සිදු කිරීමට ජීමේල්හි Settings පිටුවේ ඇති Accounts & imports ටැබයේ Google Account settings සබැඳුමේ ක්ලික් කරන්න. ඉන් පසු Google Account settings පිටුවේ ඇති Change Password recovery options සබැඳුමේ ක්ලික් කරන්න. ඔබේ ජීමේල් ගිණුම ආරක්ෂා කර ගැනීමට මෙම කරුණු උපකාර වේයයි මා සිතනවා.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

12 comments so far

  1. අන්තර්ජාලයේ මම දුටු ආකාරයට ට්විටර් කරදරය සිදු වී තිබුනේ එහි සේවකයෙකුගේ වැරැද්දකින්. අදාල අපහාරකයා (ඔබේ වචනයම භාවිතා කරන්නම් =D) එම සේවකයාගේ ඊමේල් ගිණුමේ රහස් පදය guess කර තිබෙනවා. ඉන්පසු එයින් Google Apps සඳහා වන රහස් පදය සොයාගෙන අදාල ලිය කියවිලි ටික පිටපත් කරගෙන තිබෙනවා.

    නමුත් ට්විටර් පවසන ආකාරයට පිටපත් කර ඇති ලියකියවිලි වලින් වැදගත් තොරතුරු පිටවී නැහැ.

    • Milinda on

      මම කියවපු ලිපියේනම් සඳහන් වුනේ එම ගිණුමේ ‍දෙවන ලිපිනය වූ හොට්මේල් ලිපිනය උපකල්පනය කරමින් මෙය සිදු කළ බවයි. කොහොම නමුත් විවිධ වෙබ් අඩවි වල විවධ ආකාරයෙන් එකම සිදු වීම වාර් ථා වෙනවා, කෝකටත් අපි පරිස්සම් වෙමු.

  2. දිසා on

    හොද ලිපියක් ,දැනුම්දිමක් ඔබට ස්තුතියි!

  3. -බිன்ku- on

    ස්තුතියි අන් අයව දැනුවත් කිරිම ගැන!

  4. පොතේ ගුරා on

    තැන්කූ වේවා සහෝ!

  5. චමි.දේ.වා. on

    මමත් ඔය කියන ඩ්ග් ටික හදාගන්න ඕනා….ස්තූතියි……..

  6. හසී on

    දැනුවත් කලාට බොහොම ස්තූතියි….

  7. බුද්ධික on

    ඉතාමත් වටිනා ලිපියක්,බොහොම පින් 🙂


Milinda වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න