සැප්තැම්බර් 30ස් වෙනිදාට ගූගුල් වේව් ගිණුම් 100,000 විවෘත කෙරේ

ඔන්න පසුගිය සතියේ අපේ බුධාජීවගේ ලියමනේ සඳහන් වූ පරිදි මමත් ගූගුල් වේව් සඳහා අයැදුම් කරා. ඇත්තටම ඒ ගැන වැඩිපුර සොයා බැලුවේ එම ලිපියෙන් පසුවයි. ගූගුල් වේව් නිසා ඉදිරියේදී විද්‍යුත් සන්නිවේදනය බොහෝ දුරට වෙනස් වීමට ඉඩ තිබෙනවා.

Google-Wave-Screenshot
විශාල කිරීමට ඡායාරූපයේ ක්ලික් කරන්න

දැනට සංවර්ධකයින්(Developers) 6,000 කට පමණක් සීමා කර ඇති ගූගුල් වේව් සැප්තැම්බර් 30වෙනිදා පොදු ගිණුම් 100,000ක් ලබා දෙන බව ගූගුල් වේව් සංවර්ධක බ්ලොග් අඩවියේ සඳහන් වෙනවා. මේ ගිණුම් 100,000ය තෝරා ගන්නේ ගූගුල් වේව් අයැදුම් කල අයගෙන් පමණයි. ගිණුම් 100,000ක් කියන්නෙ ඉතාම සීමිත සංඛ්‍යාවක් කියලයි මට හිතෙන්නෙ.

තවද යෙදුම් ක්‍රමලේඛන අතරුමුහුණත(application programming interface (API)) හරහා ගූගුල් වේව් සන්නිවේදන වර්ඩ්ප්‍රෙස් සමග අන්තර්ගත කීරීමේ වැඩසටහනක් ද නිර්මාණය කර ඇති බව බ්ලොග් අඩවියේ සඳහන් වෙනවා.

සැප්තැම්බර් 30ස් වෙනිදාට බලමු අපටත් ගූගුල් වේව් උණු උණුවේම ලබාගන්න හැකිවෙයි ද කියා.

මෙම සතියේ මත විමසුම ගූගුල් වේව් ගැනයි, ඊට සහභාගී වී සහය දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

Advertisements

6 comments so far

  1. බුධාජීව on

    ස්තුතියි !

    මත විමසුමේ මගේ අදහස නැහැ. මගේ අදහස : “කියන්න තරම් කාලය මදි.” කියන එකයි. අර වීඩියෝ එකේ තිබෙන දේවල් ලස්සන උනාට, තාම අපි ඕක පාවිච්චි කරලා නෑ නෙ.

  2. පොතේ ගුරා on

    මාර ආසාවෙන් ඉන්නෙ මේක එනකම්,,,ගිණුම් ලැබුන කස්ටියට අවස‍්ර ලැබෙයි අනික් අයට ඉන්වයිට් ක‍්රන්න.. 🙂

    • Milinda on

      ඇත්තටම ඒ ගැන හරි සඳහනක් ඔවුන්ගේ බ්ලොග් අඩවියේ නෑ. ගිණුම් 100,000 දෙනවා කියලා තමයි කියන්නේ, එහෙම ආරාධනා යවන්න පුඵවන්නම් නියමයි.

  3. Milinda on

    @ බුධාජීව බොහෝම ස්තුතියි!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: