Archive for මැයි, 2009|Monthly archive page

උඩට යමු – ඩිස්නි සහ පික්සාර් වෙතින් අප්

තාක්ෂණික දේවල් වලින් ඈත් වෙලා විනෝදයට බර දෙයක් ගැන තමා අද ලියන්නෙ. ඒ අද (මැයි 29) නිකුත් වන ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන අප් (UP) ගැන. මේ චිත්‍රපටය ගැන ‍දැනටමත් ඔබ දන්නවා ඇති. නමුත් බොහෝ දෙනා ඒ ගැන කතා වන නිසා සටහනක් තියන්න හිතුනා.

Disney-Pixar-Up

මෙම කතාව ඇදී යන්නෙ කාල් ෆෙඩ්රික්සන් නම් වූ හැත්තෑ අට වියැති බැලුම් වෙළෙන්දෙකු හා රසල් නම් වූ අට හැවිරිදි දඟකාර කොලු ගැටයකු අතරයි. කාල් බැලුම් දහස් ගණනක් උපයෝගී කර ගෙන තම නිවෙස ගුවනේ පාවීමට සලස්වයි. නිවසත් සමඟ උඩු ගුවනට නගින ඔහු එහි සටින රසල් දැකීමෙන් පුදුමයට පත් වෙයි. දෙදෙනා එක්ව දකුණු අමෙරිකාව පුරා යන චාරිකාවේ අපූරු අත්දැකීම් අප් ඔබට ගෙන එයි.

මෙම චිත්‍රපටයක් සුප්‍රසිද්ධ ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් වන අතර ත්‍රිමාණ සජීවීකරණය කවදත් අපව පුදුමයට පත් කරන සම්මානනීය පික්සාර් සමාගම වෙතිනි. මෙම දැවැන්ත නිර්මාණය ගැන අදහස් දක්වන පික්සාර් සමාගම පවසන්නේ ඔවුනට තිබූ විශාලතම අභියෝගය දස දහසකට ආසන්න බැලුම් සමූහය සජීවීකරණය බවයි.

ඉතින් ඔබටත් මටත් නුදුරේදීම මෙම අපූරු අත්දැකීම ලබා ගන්නට හැකි වේයැයි මා විශ්වාස කරනවා.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

Advertisements

අන්තර්ජාලයේ විශ්වාසයෙන් යුතුව සැරිසරන්න

මේ දිනවල අන්තර්ජාලයේ ආරක්ෂාව ගැන වැඩියෙන් කතා කෙරෙන නිසා මේ ලිපිය ලියන්න හිතුනා. අන්තර්ජාලය භාවිතා කරන විට ඔබේ පරිඝණකයේ සහ පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව වර්ධනය කරගැනීමට ‍ෆයර්ෆොක්ස් බ්‍රව්සරය සමග යොදාගත හැකි එකතූන් (extension) කිහිපයක් ගැනයි මේ සටහන.

වෙබ් ඔ‍ෆ් ට්‍රස්ට් (Web of Trust)

Web-of-Trust

මූලික වශයෙන් අන්තර්ජාලය හරහා පරිඝණකය‍‍ට සහ තොරතුරුවලට හානිකර වෙබ් අඩවි පිළිබඳව ඔබට අනතුරු හඟවනවා. වෙබ් ඔ‍ෆ් ට්‍රස්ට් නොයෙකුත් අංශ ඔස්සේ වෙබ් අඩවි ප්‍රමිතිගත කරන අතර හානිකර වෙබ් අඩවියක් හා සම්බන්ධ වූ සැනින් ඒ පිළිබඳ ඔබව දැනුවත් කරනවා. තවද ගූග්ල් සෙවුම් ප්‍රතිඵල මගින් දිස්වන වෙබ් අඩවි කොළ, කහ සහ රතු වර්ණයෙන් වර්ගීකරණය කොට එක් එක් අඩවියේ ප්‍රමිතිය ගැන අපව දැනුවත් කරනවා.

https://addons.mozilla.org/en-US/firefox/addon/3456

(සැ.යු. වෙබ් ඔ‍ෆ් ට්‍රස්ට් වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ. එස්. එක්ස් යන මෙහෙයුම් පද්ධති වලද ෆයර්ෆොක්ස් සහ ඉන්ටර්නෙ‍ට් එක්ස්ප්ලෝර් යන බ්‍රව්සර සමගද ක්‍රියා කරයි.)

මැකාෆි සයිට් ඇඩ්වයිසර් (McAfee SiteAdvisor)

McAfee-SiteAdvisor

සුප්‍රසිද්ධ මැකාෆි සමාගමේ සේවාවක් වන මෙමගින් ඔබ සම්බන්ධ වන වෙබ් අඩවීන්හි විශ්වාසවන්ත බව සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා. මැකාෆි සමාගම සිදු කරන පරීක්ෂණ අනුව ආරක්ෂිත, මද අනාරක්ෂිත, දැඩි අනාරක්ෂිත සහ පරීක්ෂා නොකළ යන ලෙස වෙබ් අඩවි වර්ගීකරණය කොට එම තොරතුරු බ්‍රව්සරය ඔස්සේම ප්‍රදර්ශනය කරනවා. වෙබ් ඔ‍ෆ් ට්‍රස්ට් මෙන්ම ගූග්ල් සෙවුම් ප්‍රතිඵල වර්ගීකරණය කිරීමද  මැකාෆි සයිට් ඇඩ්වයිසර් මගින් සිදු කරනවා.

බාගත කිරීම සඳහා පහත සඳහන් වෙබ් පිටුවට පිවිසෙන්න

http://www.siteadvisor.com/download/windows.html

(සැ.යු. මැකාෆි සයිට් ඇඩ්වයිසර් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල ෆයර්ෆොක්ස් සහ ඉන්ටර්නෙ‍ට් එක්ස්ප්ලෝර් යන බ්‍රව්සර සමග ක්‍රියා කරයි.)

ස්කෑන් විත් ඩොක්ටර් වෙබ් (Scan with Dr. Web)

Dr-Web

මම මෑතදී භාවිතා කරන්නට ගත්තද ඉතා ප්‍රයෝජනවත් බ්‍රව්සර ඈඳීමක්. මෙමගින් ඔබ අන්තර්ජාලයයෙන් යම් බාගත කිරීමක් කිරීමට පෙර එම දෙය හානිකරදැයි පරීක්ෂාවට ලක් කරන්නට හැකියාව ලැබෙනවා. මෙමගින්  හානිකර දෑ ඔබේ පරිඝණකය‍‍ට බාගත කිරීමනේ වැලකී සිටිය හැක.

බාගත කිරීම සඳහා පහත සඳහන් වෙබ් පිටුවට පිවිසෙන්න

https://addons.mozilla.org/en-US/firefox/addon/938

ඉහත සඳහන් දෑ ෆයර්ෆොක්ස් සමග යොදගත හැකි ආරක්ෂණ උපාංගවලින් කිහිපයක් පමණක් වන අතර ඔබේ පරිඝණකයේ ඇති මූලික ආරක්ෂණ මෘදුකාංග වලට අමතරව භාවිතා කළ යුතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් ඔබේ අදහස් සැමවිටම අපේක්ෂා කරමි.

ගූග්ල් සේවාවන් රැසකට නව ලාංඡන

ගූග්ල් සේවාවන් සඳහා තිබූ විවිධ ආකරයේ ලාංඡන වෙනුවට ඒකාකර ගත කරන ලද නව ලාංඡන සමූහයක් හඳුන්වාදී තිබෙනවා. ප්‍රධාන ගූග්ල් ලාංඡනය හා සබැඳි නිල් පැහැ සරල අකුරු රටා වලින් මෙම ලාංඡන සමන්විතයි.

Google-New-Logos

ගූග්ල් සේවාවන් භාවිත කරන්නන්ට පහසුවෙන් හඳුනාගත හැකි ආකරයට මෙම ලාංඡන ප්‍රමිතිකරනය කළ බව ගූග්ල් නිල බ්ලොග් අඩවියේ සඳහන් වෙනවා. ඒ වගේම විවධ භෂාවන් සමග එක සමානව යොදා ගත හැකි ලෙස මෙම ලාංඡන නිර්මාණය කර තිබෙනවා.

නුදුරේදීම ගූග්ල් ප්‍රවෘත්ති, ගූග්ල් සිතියම් සහ ගූග්ල් ලියවිලි වැනි සේවාවන් සඳහා මෙම නව ලාංඡන භාවිතා කිරීමට නියමිතයි.

මෙම ලිපිය සහ බ්ලොග් අඩවිය පිළිබඳ ඔබේ අදහස් සහ උදහස් දක්වන මෙන් මම ඉල්ලා සිටිමි.

නව පරපුරේ සෙවුම් යන්ත්‍රය – වොල්ෆ්‍රම් ඇල්ෆා

බ්ලොග් අඩවිය පටන් ගන්නට අලුත් දෙයක් ගැනම ලියන්න හිතුනා. ඒ අලුත් සෙවුම් යන්ත්‍රයක් වන වොල්‍ෆ්‍රම් ඇල්ෆා ගැන.

Wolfram Alpha Home Page

ඇත්තටම මෙය සෙවුම් යන්ත්‍රයකට වඩා ඉදිරියට ගිය වැඩසටහනක්. ඔවුන් මෙය හඳුන්වන්නේ ගණන දැනුම් යන්ත්‍රය (Computational Knowledge Engine) ලෙසයි.  ඔබ ඇතුල් කරන යෙදුමක් සඳහා සංක්ෂිප්ත තොරතුරු විග්‍රහයක් වොල්‍ෆ්‍රම් ඇල්ෆා ලබා දෙනවා. උදාහරනයක් ලෙස ඔබ Colombo යන්න ඇතුල් කළහොත් කොළඹ නගරයේ පිහිටීම, ජනගහනය සහ කාලගුණය වැනි දේ පිළිබඳ සංක්ෂිප්ත තොරතුරු සටහනක් ඔබට වොල්‍ෆ්‍රම් ඇල්ෆා ලබා දෙනවා.

වොල්‍ෆ්‍රම් ඇල්ෆාහි ක්‍රියාකාරීත්වය වචනයෙන් විස්තර කරන්නට යාම එයට කරන අසාධාරණයක්. නමුත් වොල්‍ෆ්‍රම් ඇල්ෆා හඳුන්වාදීමේ වීඩියෝව එය පිළිබඳ මනා අවබෝධයක් අපට ලබා දෙනවා. එම වීඩියෝව නැරඹීම සඳහා පහත සඳහන් අන්තර්ජාල පිටුවට පිවිසෙන්න.

http://www.wolframalpha.com/screencast/introducingwolframalpha.html

වොල්‍ෆ්‍රම් ඇල්ෆා සඳහා පහත සඳහන් අන්තර්ජාල අඩවියට පිවිසෙන්න.

http://www.wolframalpha.com/

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් නොපැකිලිව ඉදිරිපත් කරන මෙන් මා ඉල්ලා සිටිනවා.