ඩ්‍රොප්බොක්ස් (Dropbox) ඔබේ දත්ත සඳහා නොමිලේ සබැඳි රක්ෂිතයක් (free online backup)

අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ  මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ප්‍රතිසාධනය (recover) කර ගත්තත් සාර්ථක දත්ත රක්ෂිතයක අවශ්‍යතාවය දැනුනේ එදා.

පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ සහ අනිෂ්ට මෘදුකාංග (malware) වැනි විවිධ හේතු නිසා එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැක. දත්ත රක්ෂිතය සඳහා සංයුක්ත තැටි, ඩිජිටල් විඩියෝ තැටි, USB ෆ්ලෑෂ් ධාවකයන්, බාහිර දෘඩ තැටි වැනි විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම ක්‍රමයක් සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. ‍විවිධ හේතු නිසා මෙම මාධ්‍ය වල ද දෝෂ ඇතිවෙන්න ඉඩ තිබෙනවා.

ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා සබැඳි රක්ෂිතයක(online backup) පිහිට ලබා ගැනීම. අපට නොමිලේ ලැබෙන් එවන් සේවාවක් තමා ඩ්‍රොප්බොක්ස්(Dropbox). ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට ගිගාබයිට් දෙකක අවකාශයක් නොමිලේ ලැබෙනවා.

Dropbox

ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට අවැසි ගොනු (files) මෙම ෆෝල්ඩරයට පිටපත් (copy) කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග ස්වයං-සමමුහුර්ත (Auto Synchronization) වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි.

තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර මෙගා බයිට් 250ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ ගිගාබයිට් 3ක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).

ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් එය අපගේ වැදගත් තොරතුරු රැක ගැනීමට සාර්ථක පිළියමක්යැයි මා සිතනවා. තවද ඔබට අවැසි නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය ගිගාබයිට් 50ක් හෝ 100ක් දක්වා වැඩි කර ගත හැකියි.

ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිතා කරන්න

http://www.getdropbox.com/

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

18 comments so far

  1. gayan balasooriya on

    ඉතින් ඔය කාරිය ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්නෙ ජීමේල් වලින්. මම එහෙම පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම දෙකක් (G-Space Vs. Gmail Drive) දැම්ම. ලැබෙන ඉඩ කඩත් වැඩියි කියල මම හිතන්නෙ.

    • Milinda on

      තොරතුරු වලට ස්තුතියි, Gmail drive එකේ ‍‍files ගබඩා වෙන්නේ attachment විදිහට නේද?

      • gayan balasooriya on

        ඔව් ඒත් ප්‍රශ්නයක් නැහැ. නිකම්ම c: D: drive වගේම තව එකක් තියෙනව my coputer ගියාම. එව්වට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. තමන්ගෙ එක ඉඩ මඩි වගේනම් ඉතින් ඕකටම තව account එකක් හදාගන්න පුලුවන්නෙ.

  2. wayabawiththi on

    ඔච්චර දවස් හකුරු ටික හන්ගල තිබ්බෙ වක්කඩේ දැන් හරි මචං උබ කියපු තැන ඔක්කෝම හකුරු ටික හැන්ගුව එළ එළ බොහොම පිං මචෝ

  3. asith on

    ela ela machan,thanks 4 info.

    ayyoo,mage sinhala blog ekak sindiyata submit karala dan 2 week withara wenawa,but thama add karan nee.ay ane mehema wenne?

    • Milinda on

      ප්‍රතිචාරයට ස්තුතියි. සමහර වෙලාවට ටික දවසක් යනවා….බය වෙන්න එපා

  4. Uraj Deemantha on

    බොහෝම ස්තූතියි ලිපියට….. :) මෙයාලා අපේ දත්ත වලට කෙලින එකක් නෑ නේ…. :P

    • Milinda on

      ප්‍රතිචාරයට ස්තුතියි. ඩ්‍රොප්බොක්ස් ටිකක් ජනප්‍රිය සේවාවක්, අවුලක් නැතිව ඇති, භාවිතා කරලම බලමු :)

  5. Prabath on

    ස්තූතියි දැනුවත් කිරීමට

  6. බුධාජීව on

    සිංහල පරිභාෂික වදන් ගොඩක් පාවිච්චි කරලා තියනවා, ඒක හොඳයි.

    නමුත් “online” = “සබැඳි” කියලා ගත්ත එක වැරදියි.
    මොකද “සබැඳි” කියන්නේ “linked” කියන එක නිසා (“link” = “සබැඳුම”).
    “online” වලට කියන්නේ “මාර්ගගත” කියලා.

    • Milinda on

      බොහොම ස්තුතියි අදහස් වලට, මම පරිවර්තනය ලබා ගත්තේ මයික්‍රොසොෆ්ට් තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්දමාලාවෙන් (පිටුව 49). රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ අවඩියේ තියෙන්නෙ නම් මාර්ගගත කියලා තමයි (ඔබේ ප්‍රතිචාරයෙන් පසුව තමා බැලුවේ). මට ඇති ලොකුම ගැටළුවක් තමා නිවැරදි සිංහල තාක්ෂණික වචන සොයා ගැනීම. මොකද විවිධ වචන විවිධ ආකාරයෙන් පරිවර්තනය කර ඇති නිසා.

      • බුධාජීව on

        ඔන්න එහෙනං අපිට මයික්‍රසොෆ්ට්ගේ ඒ වැඩෙත් හිලක් අහුවුනා.

        සබැඳි කියන එකෙන් කියවෙන්නෙ linked කියන එක තේරුම් ගන්න ශබ්දමාලා පෙරලන්න ඕන නැහැ. සබැඳි කියන්නෙ සම්බන්ධ වුනු, link කියන්නෙ ඉංග්‍රිසියෙන් කියන එක.

        අනික, online කියන එකට මාර්ගගත කියන වචනෙ භාවිතා කරන්නෙ දැං ගොඩක් කල් ඉඳන් නේ.

        මම කියන්නෙ යම් වාණිජ්‍ය සමාගමක් මගින් ඔවුන්ට ඕන හැටියට නිකුත් කරන ශබ්ද මාලා මත රඳාපවතින්න එපා.

  7. Milinda on

    @බුධාජීව අවංකවම online කියන එකට මාර්ගගත කියන වචනෙ නිතර භාවිතා බව මම දැනගෙන හිටියේ නැහැ. දැනුවත් කිරීමට ස්තුතියි. සාමාන්‍යයෙන් මම ඉහත කී ශබ්දමාලා දෙකම භාවිතා කරනවා, ‍හේතුව ශබ්දමාලා දෙකම සියයට සියයක් සම්පූර්ණ නැති නිසා.

    මයික්‍රසොෆ්ට් ශබ්දමාලාවට සම්බන්ධ වූ පුද්ගල ලැයිස්තුව දිහා බැලුවම පාවිච්චි කරන්න හිතෙනවා :) කෙසේ වෙතත් සියල්ලම එකතු වී එකම ශබ්දමාලාවක් පවත්වාගෙන යනවානම් ලොකු දෙයක්.

    • බුධාජීව on

      ඔවු කාටත් විශ්වාස කරන්න පුළුවන් නිවැරදි ශබ්ද මාලාවක් තියනවනං හොඳයි තමා, ඒත් ඉතිං සියල්ල අවුල් ජාලයක් වූ පුංචි ප්‍රාතිහාර්යයයේ මේක තවත් එක් අවුලක් විතරයි. අපි අපිම මේ වගේ වැරදි හදාගනිමු ! :-)

  8. Milinda on

    ඒකනම් ඇත්ත, කෙසේ වෙතත් ප්‍රතිචාරයට සහ අඩු පාඩු පෙන්නුවාට බොහෝම ස්තුතියි :)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.