ආසන පටියට(seat belt) වසර 50යි

මගීන්ගේ ආරක්ෂාව සඳහා දැනට වාහනවල භාවිතා කරන ස්ථාන තුනකින් සබැඳි ආසන පටිය(three point seat belt) නිල වශයෙන් හඳුන්වා දී අදට (අගෝස්තු 13වන දා) වසරක් සපිරෙනවා.

50-years-seat-belt

වර්ෂ 1959යේ  අගෝස්තු 13වන දා ලොව ප්‍රථම ස්ථාන තුනකින් සබැඳි ආසන පටි සහිත වොල්වෝ PV544 මාදිලියේ මෝටර් රථයක් ස්වීඩනයේ අලෙවි නියෝජිතයකු වෙත ප්‍රවාහනය කරනු ලැබුවා. එතැන් පටන් සරල නමුත් ආරක්ෂාකාරී මෙම නිපැයුම ලොව මිලියන ගණනකගේ දිවි බේරා දීමට සමත් වුණා.

මෙම නිර්මාණයේ ගෞරවය හිමිවන්නේ එවකට වොල්වෝ සමාගමේ ඉංජිනේරුවකු වූ නිල්ස් බොලින් (Nils Bohlin) මහතාටයි. ඔහුගේ මෙම නිපැයුම අදත් මගී ආරක්ෂාවේ වැදගත් කොටසක්. මෙම නිපැයුමට පෙර උකුල් පටියක්(lap belt) මගීන්ගේ ආරක්ෂාවට භාවිතා කළ අතර ඉන් අනතුරක දී මගියා ආසනයේ රඳවා තැබීමට සමත් වුවත් හිස ඉදිරි පස ගැටීම වැළැක්වීම අසීරු විය.

nils-bohlin
නිල්ස් බොලින් මහතා තම නිපැයුම සමඟ

බොහෝ රටවල ආසන පටි භාවිතය අත්‍යාවශ්‍ය වන අතර ශ්‍රී ලංකාවේ ද මේ සම්බන්ධව නීත පනවන බවට රාවයක් පැතිර  ගියත් ලංකාවේ ආසන පටි භාවිතය පවතින්නේ නම් අවම මට්ටමකයි.

මේ ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.


ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

8 comments so far

  1. gayan on

    ලංකාවෙ ඉතින් සීට් බෙල්ට් දාගෙන ගියොත් පඩේට කියලනෙ කට්ටිය කියන්නෙ.

  2. KD on

    Godak watina blog ekak..jayawewa…bro..
    ape paththeth enna..comment ekak dala yanna

    http://ekewattuwa.blogspot.com/

    Thankzzzzzzzz

  3. raigamaya on

    ලංකාවේ මිනිස්සුන්ටනම් මේව ඕනෙ නෑ, තිස් තුන් කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවානේ ආරක්ෂාවට.

  4. තාරක on

    ආසන පටි ඉතාම වැදගත් මගීන්ගෙ ආරක්ෂාවට. ආසන පටි තිබුනෙ නැත්නම් දැනට මම මැරිල අවුරුදු දහයක් වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.