ෆේස්බුක් වෙතින් ට්විටර් හා සමාන වෙබ් අඩවියක්

ඇත්තේන්ම මේ ප්‍රවෘත්තිය තවමත් සනාථ නොවූවක්. නමුත් දැනුවත් කර තිබීම හොඳයැයි සිතුනා. අද දින බොහෝ ‍තාක්ශණික වෙබ් අඩවි වල සඳහන් වූ අකාරයට ෆේස්බුක් ට්විටර් හා සමාන වෙබ් අඩවියක් දියත් කිරිමට නියමිතයි. මෙම අඩවිය ඔවුන් හඳුන්වා ඇත්තේ ෆේස්බුක් ලයිට් යන නමින්.

ආරංචිවලට අනුව සමහර ෆේස්බුක් සාමාජිකයන්ට දැනටමත් මෙහි බීටා අඩවියට සම්බන්ධ වන්නයැයි ආරධනා ලැබී තිබෙනවා. ට්විටර් අඩවිය ඉතා සීඝ්‍රයෙන් ප්‍රචලිත වන්නක් වන අතර ශ්‍රී ලංකාවේ ද එය යම්කිසි වර්ධනයක් ලබා තිබෙනවා. ට්විටර් ඉතාමත් සරල එමෙන්ම ප්‍රායෝගික සේවාවක් ලෙස සැලකෙන අතර තොරතුරු සහ අදහස් හුවමාරුව සඳහා කදිම පිළිතුරක්.

facebook-lite
ෆේස්බුක් ලයිට් බීටා අඩවියට ආරධනා ලැබූවෙකු විසින් ප්‍රකාශයට පත් කළ තිර සටහනක්

මේ අතර පසු ගිය වසරේ ට්විටර් මිලදී ගැනීමේ අසාරථක උත්සාහයක ද ෆේස්බුක් නියැළුනා. කෙසේ වෙතත් ෆේස්බුක් විසින් මෙම ප්‍රවෘත්තිය සනාථ කොට නැහැ. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර ලැබෙන තුරු අපි බලා සිටිමු.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

5 comments so far

  1. -බිன்ku- on

    උන්ට ඉන්න විදියකට ඉන්න බැරි ඒකයි ඔය! සමාජ ජාලවල ඒකාධිකාරයක් ගන්න තැත් කරනවා වෙන්න ඇති!

    • Milinda on

      ඒක නම් ඇත්ත, දැන් ෆේස්බුක් එකත් ටිකක් එපා වෙන වැඩ තමා කරන්නේ.

  2. මේ කතාව ඇත්ත..මේ තියෙන්නෙ ඊයේ මගෙ හෝම් පේජ් එකේ මූණු පොත් ටීම් එකෙන් දාල තිබුන දැන්වීමක්..
    You have been selected as a beta tester for Facebook Lite!

    We are building a faster, simpler version of Facebook that we call Facebook Lite. It’s not finished yet and we have plenty of kinks to work out, but we would love to get your feedback on what we have built so far.

    Check out Facebook Lite now at http://lite.facebook.com.

    • Milinda on

      තොරතුරු ලබා දුන්නාට බොහොම ස්තුතියි! භාවිතා කරල බැලුවාද?

  3. garuka on

    I got the same invitaiton. But when I tried to load that URL it didn’t work


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.