ෆොටෝෂොප් අඩවියෙන් ඔ‍බේ ඡායාරූප සඳහා ගිගාබයිට් 2ක වෙබ් අවකාශයක්

www.photoshop.com අඩවිය ඔස්සේ දැන් ඔ‍බේ ඡායාරූප ගබඩා කිරීම සඳහා නොමිලේ ගිගාබයිට් 2ක වෙබ් අවකාශයක් ලැබෙනවා. මීට අමතරව එම ඡායාරූප සඳහා මූලික සංස්කරණ පහසුකම් ද මෙම අඩවිය ඔස්සේ ලබා දී තිබෙනවා.

PhotoShop-dot-com-Home

අපට සුපුරුදු ඇඩෝබ් සමාගම විසින් අරඹන ලද මෙම අඩවිය ආරම්භයේ දී විවෘත වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිට සම්බන්ධ වන්නන්ට පමණයි. නමුත් මේ වන විට නොමිලේ ලබා ගත හැකි ඇඩෝබ් හැඳුනුම් පතක්(Adobe ID) මගින් මේ සියළු පහසුකම් දැන් අපට ලබා ගන්නට පුළුවන් (මෙසේ අනෙක් රටවල් සඳහා www.photoshop.com අඩවිය විවෘත වූ දිනය සොයා ගැනීමට නම් හැකි වුනේ නැහැ).

PhotoShop-dot-com-Editing

මූලික සංස්කරණ පහසුකම් මෙන්ම ඡායාරූප සඳහා එක් කළ හැකි විවිධ හැඩතල සහිත ඡායාරූප සරසනයකින්(photo decorator) ද මෙම අඩවිය සමන්විතයි. තවද මෙම අඩවියට එක් කරන ඡායාරූප ඔබට අවැසි පරිදි සංවිධානය කිරීමට ද ඔබට හැකියාව ලැබෙනවා.

PhotoShop-dot-com-Album-001

PhotoShop-dot-com-Album-002

ෆෙස්බුක්, ෆ්ලිකර්, ෆොටෝබකට් සහ පිකාසෝ වැනි සේවාවන්වල ඔබ ගබඩා කර ඇති ඡායාරූප කෙළින්ම මෙම අඩවියට ආනයනය කිරීමට හැකිවීමත් මෙහි ඇති විශේෂත්වයක්.

ඔබ එක් කරන ඡායාරූප ඒ ආකාරයෙන්ම (තත්ව හානියකින් තොරව) මෙම අඩවියේ ගබඩා කරන බව ඇඩෝබ් සමාගම පවසනවා. එම ඡායාරූපවලට ඔබට පමණක් ප්‍රවේශ විය හැකි ලෙස සීමාවන් පැණවිය හැකි අතරම අවැසිනම් අන් අය සඳහා ද විවෘත කළ හැකිය.

ඔබත් නිතර ඡායාරූප සමග ගණුදෙනු කරන්නෙක් නම් මෙම අවවිය ඔබට කදිම උපකාරයක් වේවි.

නොමිලේ ඇඩෝබ් හැඳුනුම් පතක් ලබා ගැනීමට පහත සඳහන් වෙබ් අඩවිය භාවිතා කරන්න.

https://www.adobe.com/cfusion/membership/index.cfm?nf=1#

මාගේ පෞද්ගලික photoshop.com ගැලරිය නැරඹීමට පහත සබැඳුම භාවිතා කරන්න.

http://milindav.photoshop.com/

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

5 comments so far

  1. සහන් on

    බලමු බලමු එකක් හදලා. මේකෙ රෙජිස්ටර් වෙන්න අපි original Adobe softwares දාගෙන තියෙන්න ඕනද?

  2. සහන් on

    මේ මේ මච්ං http://milindav.photoshop.com/ කියලා address එක ගත්තෙ කොහොමද

    • Milinda on

      කිසිම ඇඩෝබ් මෘදුකාංගයක් අවශ්‍ය නැහැ, Photoshop.com අඩවියේ ලියාපදිංචි වෙනකොට අහනවා අපට අවශ්‍ය කුමන ලිපිනය ද කියා….

  3. chaminda on

    onlu for usa. i couldnt create acount, but thanks for your infomation


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.