ට්විටර්, ෆේස්බුක් අක්‍රිය වීම සහ ජෝර්ජියාව

රුක්ෂාන්ගේ බ්ලොග් සටහනේ කලින් සඳහන් වූ පරිදි ට්විටර්, ෆේස්බුක් මෙන්ම සමහර ගූග්ල් සේවාවන් කිහිපයක් ද අගෝස්තු 6 වන දා අඩපණ වූවා. ට්විටර් අඩවිය මේ වන තුරුත් සම්පූර්ණයෙන් යතා තත්වයට පත්ව නැහැ. මීට හේතුව ලෙස දක්වා තිබුනේ බෙදාහරින ලද – සේවා ප්‍රතික්ෂේප කිරීමේ පහර දීමක් (Distributed Denial-of-service (DDoS) attack) ලෙසයි.

බෙදාහරින ලද – සේවා ප්‍රතික්ෂේප කිරීම (DDoS)
මෙහිදී සිදු වන්නේ ආරක්ෂිත දෝෂ සහිත පරිඝණකයක ස්ථාපනය වූ අනිෂ්ට මෘදුකාංගයක් (malware) උපයෝගී කරගෙන ඉලක්ක කර ගත් නිශ්චිත වෙබ් අඩවි සමග නිරන්තර සබඳතාවයන් ඇති කිරීමයි. මෙසේ ඉලක්ක කර ගත් වෙබ් අඩවිවලට ලැබෙන අසීමිත සබඳතා ඉල්ලුම් නිසා එම අඩවි අක්‍රිය වී සමාන්‍ය භාවිතා කරන්නන්ට එම අඩවි සමග සබඳතා ඇතිකරගැනීම අපහසු වෙනවා. මෙවැනි පහර දීමක් සඳහා අනිෂ්ට මෘදුකාංග හරහා සම්බන්ධ කරන ලද පරිඝණක දහස් ගනණින් යුත් ජාලයක්(botnet) යොදා ගනු ලබනවා. මෙවැනි ජාලයක් ගොව නැංවීම සඳහා අයාචිත තැපෑල(spam) මගින් බෙදා හරින ලද අනිෂ්ට මෘදුකාංග බොහෝ දුරට උපකාරී වනවා.

botnet

ජෝර්ජියාව?
නවතම ප්‍රවෘත්ති වලට අනුව මෙම පහරදීමේ මූලික අරමුණ මෙම වෙබ් අඩවි අක්‍රිය කිරීම නොව ජෝර්ජියානු බ්ලොග්කරුවෙකු නිහඬ කිරීම පිණිස ඔහුගේ මෙම සේවාවන් වල ගිණුම් හා සම්බන්ධ වීම වැලැක්වීම මූලික කොටගෙන සිදුවූ බවයි. මෙම බ්ලොග්කරුවා ඔහුගේ බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත්තේ මෙය ඔහු සහ ජෝර්ජියාව ඉලක්ක කරගත් දෙයක් බවයි.

georgian-blogger
ජෝර්ජියානු බ්ලොග්කරුවාගේ බ්ලොග් අඩවිය

ඔබත් හවුල් ද?
බය වෙන්න එපා, නමුත් ඔබේ පරිඝණකයේ ආරක්ෂක වැඩසටහන්(security software) යාවත් කාලීන කර නැත්නම් නොදැනීම ඔබේ පරිඝණකයත් මෙවන් ජාලයක හවුල් කාරයෙක් වන්නට පුළුවන්. එම නිසා ඔබේ පරිඝණකයේ ආරක්ෂක වැඩසටහන් යාවත් කාලීන කිරීම ඉතා වැදගත් වන අතර ඔබට නුහුරු ‍වෙබ් අඩවි කරා රැගෙන යන විද්‍යුත් තැපල් සබැඳුම් වල ක්ලික් කිරීමෙන් වලකින්න.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

4 comments so far

  1. ශාකුන්තල on

    මම නම් හිතන්නෙ නෑ botnet ජාලයක් ගොඩනගන්න විද්‍යුත් තැපෑල සැලකිය යුතු මට්ටමින් දායක වූවා කියා. මම මීට හේතුව ලෙස දකින්නෙ piratebay වැනි torrent අඩවි හරහා නීති විරෝධී මෘදුකාංග/ වීඩියෝ බාගත කිරීම. ඒ මෘදුකාංගත් එක්ක එවන crack බො‍හොමයක trojan තියෙනවා.
    වීඩියෝ/ සංගීතය එවන්නෙ rar ක්‍රමයට archive කරල ඒක ඇතුලට trojan එකත් දාල මුළු archive එකම sfx බවට පරිවර්තනය කිරීමෙන්. ඉතින් මොනව ඩවුන්ලෝඩ් කළත් සැලකිළිමත් විය යුතුයි.

    • Milinda on

      ඇත්ත ටොරන්ට්ස් හරහා අපි බාගත කරන දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වන්න ඕනේ. විශේෂයෙන්ම සමහර ටොරන්ට්ස් අඩවි පවා අනාරක්ෂිතයි.

  2. අරුණ on

    මම නං ටොරන්ටි වලින් ෆිල්ම්ස් විතරයි ගන්ාන්.. ඒකෙත් AVI ෆයිල් එක මට හොදටම ඇති…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.