මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 වැඩ කටයුතු නිමා කෙරේ

බොහෝ දෙනා වින්ඩෝස් 7 ගැන දැඩි උන්නදුවකින් ඉන්නේ. වින්ඩෝස් 7 වැඩ කටයුතු නිම කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ (බදාදා) නිල වශයෙන් ප්‍රකාශ කළා.

Windows-7.Finalized

මේ අනුව කලින් සැළසුම් කළ පරිදි ඔක්තෝම්බර් 22වන දා වින්ඩෝස් 7 නිකුත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගමට අවස්ථාව ලැබෙනවා. ඇත්ත වශයෙන්ම වින්ඩෝස් 7හි වැඩ සම්පූර්ණ කර ඇත්තේ ජූලි 13වන දා, නමුත් වැඩිපුර දින 10ක් යොදා ගෙන එය තව දුරටත් පරීක්ෂාවට ලක් කළ බවයි මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ.

පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම නිකුත් කළ වීඩියෝවක්.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

20 comments so far

  1. ගයන්ත on

    මමත් දැම්මා build7600… මරු.. :)

    • Milinda on

      මම නම් තාම භාවිතා කරේ නෑ, නමුත් ‍හොඳ ප්‍රතිචාර ඇති බව පේනවා :)

  2. හසිත on

    මමත් දැම්මා build 7100
    හිතුවටත් වඩා හොදට වෑඩ කරනවා. එත් ඉතින් අවුරුද්දක් විතරයිනෙ

    • Milinda on

      ඒක තමා ලොකුම ප්‍රශ්ණේ, දාපු හැමෝගේන්ම හොඳ ප්‍රතිචාර තමා තියෙන්නේ

  3. හසිත on

    එකම එක වරදක් මට අහුවුනා. එක මගෙ වරදක්ද දන්නෙ නෑහෑ.
    ඒ තම්යි මගෙ Internet සබදතාවය අකන්ඩව ක්‍රියා නොකිරිම. මෙක windows 7 වල ප්‍රශ්නයක්ද නෑත්නම් මගෙ settings වල ප්‍රශ්නයක්ද කියලා හිතාගන්න අමාරුයි. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මේකට උදව් කරන්න. බොහොම ස්තුතියි

    • Chrishi -- ක්‍රිෂි on

      ඔය ප්‍රශ්නෙ මටත් තියනවා !! මම හිතුවෙ වෛරස් එකක් කියලා ! ඔනෙ කරපු ගමන් රවුරට් එක වැඩකරන්නෙ නෑ !

    • ම්…
      මගේ නම් ප්‍රශ්නෙ මේකයි…
      සමහර වෙලාවට ලැප්ටොප් එක ඔන් කරපුගමන් අන්තර්ජාල සම්බන්ධතාවය නෑ. අයෙ රවුටරේ රිස්ටාර්ට් කරලා කේබල් එක හොලවලා තමා ගොඩදාගන්නේ. නමුත් මේක උබුන්ටු වලදි නෑ. ඒ කියන්නෙ වින්ඩෝස් වල අලයක් වගේ නේද?

      මොනව උනත් පරණ වර්ෂන් වලට (විශේෂයෙන් විස්ටා) වලට සාපේක්ෂව 7 නම් උපරිමයි.

      • Chrishi -- ක්‍රිෂි on

        මම කරන්නේ රවුටරේ disable කරලා නැවත enable කරන එක. එතකොට හරි.

      • ටෙලිකොම් එකෙන් ඇහුවම කියන්නේ මල්ටි ප්ලග් එහෙම මාරු කරල බලන්න කියල. (ඇත්තම සිද්ධියක්)

  4. රවින්ද on

    රුපියල් 50000 ක් විතර හොයා ගත්තනම් කට්ටිය 7 ගන්න. නැත්තම් හොරකම් දන්නවනේ…….

  5. අල පාත්තියක්නේ. මම දාල දවස් කීපයකින් අයින් කරල දැම්ම. පුරුදු එකම හොදා.

  6. Milinda on

    @හසිත, ඉන්ද්‍රනාම, Chrishi, ගයාන්

    මම පොඩ්ඩක් මේ ගැන‍ හොයලා බැලුවා, එච්චර විස්තර නම් නෑ, ඒත් මේ වැඩේ කරල බලන්න.. ෆෝරම් එකක තිබුනේ.

    1. Click Start, type regedit in the Start Search box and then click regedit in the Programs list
    a. If you are prompted for an administrator password or confirmation, type your password or click Continue
    2. Locate and then click the following registry subkey:
    HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Media Center\Service
    3. If a key named GLID is not present, right click, select New -> Key and name it GLID
    4. Right click and select New -> DWORD (32 bit) Value
    5. Name it DisableInbandScheduleLoading and hit Enter
    6. Double click on DisableInbandScheduleLoading and set the Value Data to 1, then click on OK
    7. Exit the Registry Editor
    8. Restart your system

    හරියයිද දන්නෙ නෑ. ට්‍රයි කරලා බලන්න

  7. හසිත on

    ඔබ කියපු විදියට කරල බෑලුවා. බලමු හරි යයිද කියලා. උදව්වට ස්තුතියි

    • Milinda on

      හරි ගියේ නැත්නම් කියන්න, අපි තව හොයමු, මොකද මේක පොදු ප්‍රශ්ණයක් නිසා මොකක් හරි උත්තරයක් ඇති.

      • Chrishi -- ක්‍රිෂි on

        මම ඕකට තව උත්තරයක් හොයා ගත්තා. මම මීට කලින් පාවිච්චි kaspersky IS 2010 trial version කලේ එක. දැන් මම පාවිච්චි කරන්නේ registered version එක. දැන් නම් රවුටරේ ලෙඩ දෙන්නෙ නෑ. කරලා බලලා කියන්න.

  8. අමිල on

    crack එකක් තියනවා.
    ඒකෙන් expire කරන clock එක නවත්වනව‍.
    මම කරල බැලුව අවුලක් නැතිව වැඩ
    net අවුල හදාගන්න බෑ මොඩම් එක වැඩ drivers අරගත්තා adsl connection
    කියලත් වැටෙනවා.ඒත් connect වෙන්න බෑ

  9. හසිත on

    අහන්නත් සතුටුයි ඒ ගෑන. ඔයා විතරක් පාවිච්චි කරලා නිකන් ඉන්න එපා ඒක අපිටත් දෙන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.