බිල් ගේට්ස් භෞතික විද්‍යා දේශන බෙදා හරියි

බිල් ගේට්ස් නාමය පසු ගිය දින කීපයේ ශ්‍රී ලංකාවේ පුවත් අතර නිතර සඳහන් වුනා. ඒ මයික්‍රොසොෆ්ට් විස්ටා සහ මයික්‍රොසොෆ්ට් ඔ‍ෆිස් සිංහලෙන් නිකුත් වීම නිසා. තවද ඔහු ශ්‍රී ලංකාකියන්ට වීඩියෝ පණිවුඩයක්ද එවූ බව ද වාර්තා වනවා. මේ වන විට මයික්‍රොසොෆ්ට් සමාගමේ පූර්ණ කාලීන සේවයෙන් ඉවත් වී සිටින ගේට්ස් වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ තම පදනමේ කටයුතු වලට බවයි පැවසෙන්නේ. මෙම වැඩ කටයුතු අතරම ලොව සුප්‍රසිද්ධ භෞතික විද්‍යා දේශන මාලාවක් අන්තර්ජාල‍ය ඔස්සේ නිකුත් කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා. 1964දී ලොව පතල විද්‍යාඥයකු සහ නොබෙල් සම්මාන ලාභියෙකු වන රිචර්ඩ් ෆයින්මන් (Richard P. Feynman (1918-1988)) විසින් පවත්වන ලද මෙම දේශන මාලාව මයික්‍රොසොෆ්ට් පර්යේෂණ (Microsoft Research) වෙබ් අඩවිස ඔස්සේ නොමිලේම නැරඹිය හැක. මෙම ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ ටූවා නමිනි (Project Tuva).

Project-Tuva

ෆයින්මන්ගේ උගැන්වුම් රටාව ජනතාව වැඩි වශයෙන් විද්‍යාව කෙරෙහි නැඹුරුවීමට පෙළඹන්නක් බවත් මීට ව‍සර 20කට පෙර තමා මුල් වරට නැරඹූ එම දේශන මාලාව ලොවට ඉදිරිපත් කිරීම තමාගේ සිහිනයක් වූ බවත් ගේට්ස් පවසනවා.

ගුරුත්වාකර්ශණය වැනි භෞතික විද්‍යා සිද්ධාන්ත වලින් අන්තර්ගත මෙම දේශන මාලාව නැරඹීමටනම් ඔබ මයික්‍රොසොෆ්ට් සිල්වර්ලයිට් (Microsoft Silverlight) මෘදුකාංගය ඔබේ පරිඝණකයේ ස්ථාපනය කළ යුතු වෙනවා.

මෙම දේශන මාලාව නැරඹීමට මෙතන ක්ලික් කරන්න.

මයික්‍රොසොෆ්ට් සිල්වර්ලයිට් මෘදුකාංගය ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න.

ඔබට හැකිනම් මෙම ලිපිය ඔබේ මතය අනුව වර්ගීකරණය කිරීමෙන් (Rating) මෙම බ්ලොග් අඩවියේ දියුණුවට සහය වන්න. ඔබේ ප්‍රතිචාර සඳහා සැම විටම විවෘතයි.

ආර්.එස්.එස්. ඔස්සේ සම්බන්ධ වීමට මෙතන ක්ලික් කරන්න

2 comments so far

  1. මේක එක්තරා ආකාරයකින් IE පාවිච්චි කරන්න කරන පෙළඹවීමක් වගේ මට නම් පේන්නෙ. මම මේ ලින්ක් එකට ගියාම මට පෙන්නන්නෙ Your Browser is not supported කියල

    • Milinda on

      මටනම් ෆයර්ෆොක්ස් වලින් බලත්ත පුළුවන් වුනා (හැබැයි සිල්වර්ලයිට් දැම්මට පසසේ), පොඩ්ඩක් හොයල බලන්න ඕන. මම මෙච්චර කාලයක් සිල්වර්ලයිට් දැම්මෙ නැහැ ඒත් මේක බලන්න දැම්මා. මේකෙන් සිල්වර්ලයිට් පාවිච්චයටත් පෙළඹීමක් ඇති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.